
රාගම ප්‍රදේශයේ රෝහලකදී මියගිය තරුණියකගේ මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විශාල කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.
පිත්තාශයේ ගල් ඉවත් කිරීම සඳහා සැත්කමක් සිදුකල අවස්ථාවේදීයි මෙම මරණය සිදුවී ඇත්තේ.
අදාළ සැත්කම සිදුකල වෛද්‍යවරයාගේ අත්වැරදීමක් හමුවේ මෙම මරණ සිදුවූ බවටයි සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල වන්නේ.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරයා හෝ එම රෝහල පාර්ශවයෙන් මේ දක්වා කිසිදු නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.
මියගිය තරුණියගේ අවසන් කටයුතු හෙට එනම් බ්‍රහස්පතින්දා රාගම දි සිදුකිරීමට නියමිතයි.

මෙම තරුණිය මීට දින කිහිපයකට පෙර විවාහ වී තිබුණේ ඔස්ටේ්‍රලියාවේ මෙල්බන් නුවර පදිංචි ලාංකික තරුණයෙකු සමගයි.
තරුණියගේ උපන් දිනයද පසුගියදා යෙදි තිබූ අතර ඒ වෙනුවෙන් තරුණයා තබා තිබූ සටහනට සමාජ මාධ්‍ය ඔස්සේ සංවේදී අදහස් ගණනාවක් පළවී තිබුණා.