ඔස්ටේ්‍රලියාවේ ආදිවාසි ජනගහණය සීඝ්‍රයෙන් ඉහළට – වැඩිම වර්ධනය වික්ටෝරියාවෙන්

දැනට ජීවතුන් අතර සිටින ඔස්ටේ්‍රලියාවේ ආදිවාසි ස්වදේශික ජනගහණය ලක්ෂ 10 කට ආසන්න වී තිබෙනවා.

සංඛ්‍යාලේඛණ කාර්යාංශයට අනුව දැනට මෙරට සිටින ඇබොරිජින් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත්වාසීන් සංඛ්‍යාව 984,000 ක් පමණ වනවා.

එය ඔස්ටේ්‍රලියාවේ මුලු ජනගහණයෙන් සියයට 3.8 ක්.

2021 වසරේ ජූනි මාසයෙන් අවසන්වූ වසර 05 තුළදී ආදිවාසි ජනගහණයේ වැඩිවීම සියයට 23.2 ක් හෙවත් 185,600 ක් පමණ වනවා.

ඔස්ටේ්‍රලියාව තුළ ආදිවාසි ජනගහණයේ වැඩිම වර්ධන වේගයක් පෙන්නුම් කරන ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ වික්ටෝරියාවයි.

එහෙත් වැඩිම ආදිවාසි ජනගහණයක් සිටින ප්‍රාන්තය වන්නේ නිවු සවුත් වේල්ස් වන අතර එම සංඛ්‍යාව 340,000 කට ආසන්නයි.

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »