Search

ඔස්ටේ්‍රලියාවේ වයස්ගතම පුද්ගලයා මියයයි

ජීවතුන් අතර සිටි ඔස්ටේ්‍රලියාවේ වයස්ගතම පුද්ගලයා ලෙස සැළකුණු Frank Mawer අභාවප්‍රාප්ත වී තිබෙනවා.

සති කිහිපයකට පෙර ඔහුට කොවිඩ් 19 වැළඳී තිබූ අතර එහි සංකූලතා හමුවේ මියයන විට 110 වන වියෙහි පසුවුණා.

ඔහුගේ අවසාන උපන්දිනය යෙදී තිබුණේ පසුගිය අගෝස්තු 15 වනදාටයි.

1912 වසරේදී උපත ලබා ඇති Frank Mawer, 1939 වසරේදී අයර්ලන්ත ජාතික කාන්තාවක සමග විවාහ වී තිබුණා.

ඔවුන්ට දරුවන් 06 දෙනෙකු ලැබුණු අතර මුණුබුරු මිණිබිරියන් 13 ක් වනවා.

Frank Mawer ගේ බිරිඳ 2011 දී මියගියේ 92 හැවිරිදි වියෙහි සිටියදීයි.

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »