රැජිණගේ නමින් රෝහලක් නම් කිරීමට වික්ටෝරියා ලාංකික මන්ත්‍රිනීගෙන් විරෝධයක්

Maroondah රෝහල 02 වන එළිසබෙත් මහ රැජිණගේ නමින් නම් කිරීමේ යෝජනාවට වික්ටෝරියා ප්‍රාන්ත හරිත පක්ෂ නායිකාව වන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සමන්තා රත්නම් දැඩි විරෝධය පළකරනවා.

ප්‍රාන්ත අගමැතිවරයාගේ යෝජනාව කිසිදු අදහස් විමසීමකින් තොරව ගත් තනි තීරණයක් බවටයි ඇය චෝදනා කරන්නේ.

මෙම යෝජනාව සම්මත වීමට පෙර වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තුව තුළ පුලුල් කථාබහක් නිර්මාණය විය යුතු බවත් සමන්තා රත්නම් අවධාරණය කරනවා.

මේ අතර ලබන නොවැම්බර් මස පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගතහොත් ඔස්ටින් රෝහල සංවර්ධනය සඳහා ඩොලර් මිලියන 250 ත් 300 ත් අතර මුදලක් යොදවන බව වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසනවා.

ඊට අමතරව Northern Hospital සඳහා නව හදිසි සේවා ඒකකයක් පිහිටුවීමට ඩොලර් මිලියන 770 ත් 855 ත් අතර මුදලක් වෙන් කරන බවයි අගමැතිවරයා කියාසිටියේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල් අතුරින් වඩාත් කාර්ය බහුලම රෝහල් 02 වන්නේ ඔස්ටින් රෝහල සහ Northern Hospital බව සඳහන්.

මේ හරහා ස්ථාපිත කිරීමට නියමිත නව රැකියා සංඛ්‍යාව 3000 ක්.

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »