රෝඩ් සේෆ්ටි වර්ලඩ් සීරීස් පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩව 03 වන ජයත් ලැබීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වුණා.
ඒ දකුණු අප්‍රිකානු ප්‍රවීණයින්ගේ කණ්ඩායමට එරෙහිව ඉන්දෝර්හිදී අද පැවති තරගයේදීයි.
තරගයේ කාසියේ දිනූ දකුණු අප්‍රිකානු ප්‍රවීණයින්ගේ කණ්ඩායමේ නායක ජොන්ටි රෝඩ්ස් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
ඒ අනුව, පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 6 දැවී ලකුණු 165 ක් ලබාගත්තේය.
එහිදී ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායම වෙනුවෙන් උපුල් තරංග ලකුණු 36ක් රැස්කළ අතර ජීවන් මෙන්ඩිස් නොදැවී ලකුණු 43 ක් රැස්කළේය.
ඒ අනුව, දකුණු අප්‍රිකානු ප්‍රවීණයින්ගේ කණ්ඩායමට තරගය ජයගැනීම සඳහා හිමිවූ ඉලක්කය ලකුණු 166 ක්.
එහෙත් ඔවුනට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී ලබාගත හැකිවූයේ ළකුණු 154 ක් පමණි.