මහ රැජිණ අද ලොවෙන්ම සමුගනී

මහා බ්‍රිතාන්‍යයේ 2 වන එලිසබෙත් රැජිනගේ රාජකීය අවමංගල්‍ය උත්සවය ලන්ඩනයේ වෙස්ට් මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී අද පැවැත්වීමට නියමිතයි.

ඒ සදහා ලෝක නායකයින් රැසක් සහභාගීවීමට නියමිතව තිබෙනවා.

මේ අතර රාජකීය අවමංගල්‍ය පැවැත්වෙන අද ලන්ඩන් අගනුවර ප්‍රධානව එංගලන්තයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

රාජකීය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට නියමිත රාජ්‍ය නායකයින් වෙනුවෙන් ද බ්‍රිතාන්‍යය රජය උපදෙස් මාලාවක් නිකුත් කර ඇතැයි බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව රාජකීය අවමංගල්‍ය උත්සවයට සහභාගී වන රාජ්‍ය නායකයින්ගෙන් ඉල්ලා ඇත්තේ ලන්ඩනයට පැමි”ම සදහා වාණිජ ගුවන්යානා මිස පෞද්ගලික ගුවන් යානා භාවිතා නොකරන ලෙසයි.

එමෙන්ම මහා බ්‍රිතාන්‍යය තුළ සංචාරය කිරීමේදි හෙලිකොප්ටර් යානා භාවිත කිරීමට ද රාජ්‍ය නායකයින්ට අවසර හිමිවන්නේ නැහැ.

එමෙන්ම රාජකීය අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන වෙස්ට් මිනිස්ටර් ඇබේ දේවස්ථානය තුළ ඉඩකඩ සීමිත බැවින් එක් එක් රටවල් නියෝජනය කරමින් අදාළ රටේ රාජ්‍ය නායකයාට පමණක් රාජකීය අවමංගල්‍ය උත්සවය සදහා සහභාගී වීමට අවස්ථාව හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.

අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ අවසන් කටයුතු සැප්තැම්බර් 19 වැනි සඳුදා සිදුකිරීමට නියමිත බව රාජ්‍ය අවමංගල්‍ය උත්සව කටයුතු භාරව සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත.

රැජිනගේ දේහය අද පෙරවරුවේ වෙස්ට්මිනිස්ටර් ශාලාවේ සිට ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දක්වා රැගෙන යනු ඇති.

රැජිනගේ දේහය ඕක් පෙට්ටියකයි තැන්පත් කර ඇත්තේ.

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »

රෝගයක් පැතිර යාම ඉහළ යාම නිසා ජනතාවට අනතුරු ඇඟවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගතවූ සතියක කාලයක් තුළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසකට උණ රෝගය වැළඳී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

තවමත් 3G භාවිතා කරන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ 3G සන්නිවේදන ජාලය ක්‍රියාකාරීත්වයේ පවතින අවසන් මාස කිහිපය ගතවෙමින් තිබුණ ද මිලියන භාගයක පමණ පිරිසක් තවමත් 4G ජාලයට යාමට සූදානමක් නොමැති බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් තුළ මෙල්බන් අවට ගිනි ගැනීම් 8ක් ගැන විශේෂ විමර්ශණයක්

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ අලෙවිසැල් දෙකක් ගිනිගෙන විනාශ වීමෙන් පසු පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »