වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් වෙත දරුණු කාළගුණ අනතුරු ඇගවීමක්

නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල ප්‍රදේශ රැසකට බලාත්මක වන පරිදි ජල ගැලීම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

වික්ටෝරියා හි මරේ ගංගාව ආසන්නයේ ජීවත්වන ජනතාවටත් – නිවු සවුත් වේල්ස් හි Peel, Macquarie – Lachlan rivers – Tamworth, Gunnedah & Wee Waa යන ප්‍රදේශවල ජනතාවටත් ඒ අනුව වඩාත් විමසිල්ලෙන් පසුවන ලෙසයි උපදෙස් දී ඇත්තේ.

ඔස්ටේ්‍රලියාවට මේ වනවිට බලපා ඇති ලා නිනා කාළගුණ තත්වය මීට හේතුවී ඇති අතර මෙම වසරේදී ජල ගැලීම් අනතුරු ඇගවීමක් නිකුත් කෙරුණු 03 වන අවස්ථාවද මෙයයි.

මේ අතර ඊයේ දිනය පුරා ජල ගැලීම්වලට හසුව සිටි පුද්ගලයන් 11 දෙනකුගේ දිවි ගලවා ගැනීමට හැකිවු බව නිවු සවුත් වේල්ස් ආපදා සහන අංශ සඳහන් කලා.

ගංගා වේලි ආශ්‍රිතව රිය ධාවනයේදි විමසිලිමත් වන ලෙසත් රියදුරන්ට දැනුම්දීමක් සිදු කෙරෙනවා.

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »