
ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයේදී ජයගතහොත් වික්ටෝරියා ප්‍රාන්තයේ ගිලන් රථ සේවය පූර්ණ වෙනසකට ලක් කරන බව ප්‍රාන්ත විපක්ෂය පවසනවා.
එහි ප්‍රතිචාර කාලය සැළකිය යුතු මට්ටමකට අඩු කිරීමට සහ පොලිස් හදිසි ඇමතුම් අංශයේ ප්‍රතිචාර කාලය අඩු කිරීමට ඒ යටතේ පියවර ගන්නා බව සඳහන්.
0-0-0 හෙවත් වික්ටෝරියා ප්‍රාන්ත ගිලන් රථ සේවයේ ප්‍රමාදවීම් හමුවේ පුද්ගල මරණ 33 ක් සිදුවූ බවට පසුගියදා ආන්දෝලනාත්මක වාර්තාවක් නිකුත් වුණා.

එම වාර්තාවේ දක්වා ඇති එක් නිර්දේශයක් ලෙස තවත් ඇමතුම් මධ්‍යස්ථාන සේවකයන් පිරිසක් බඳවාගෙන පුහුණු කිරීමද විපක්ෂ මැතිවරණ පොරොන්දු අතරට අයත් වනවා.
කෙසේවෙතත් වික්ටෝරියා ප්‍රාන්ත රජය පවසන්නේ අමතර සේවකයන් 400 ක් බඳවා ගැනීම වෙනුවෙන් පසුගිය මැයි මාසයේ එළිදක්වන ලද අයවැය ලේඛනයෙන් ඩොලර් මිලියන 333 ක මුදලක් වෙන් කර ඇති බවයි.
