Search

බටහිර ඔස්ටේ්‍රලියා පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ට $ 1500 ක දීමනාවක්

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ අධ්‍යාපනය හැදෑරීම සඳහා පැමිණෙන ජාත්‍යන්තර සිසුන් සඳහා නවාතැන් පහසුකම් වෙනුවෙන් ඩොලර් 1500 ක එක් වරක් පමණක් පිරිනමන දීමනාවක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

පූර්ණ කාලීන අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා පමණක් එම මුදල ගෙවනු ලබන අතර ඊයේ සිට ඒ සඳහා අයදුම් කල හැකි වනවා.

මෙම වසරේ 02 වන semester හි අධ්‍යාපනය හදාරන සිසුන් මීට සුදුසුකම් ලබනු ඇති.

අයදුම්කරන පළමු සිසුන් 2500 සඳහා පමණක් මෙම මුදල ගෙවනු ලබන අතර ලබන 26 වනදාට පෙර ඉල්ලුම් කල යුතුයි.

01 වන semester හිදී මෙම දීමනාව ලබාගත් සිසුන්ට නැවතත් ඒ සඳහා ඉල්ලුම් කිරිමට අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

එමෙන්ම අර්ධ කාලීනව අධ්‍යාපනය හදාරන සිසුන්ටද මෙම දීමනාව නොලැබෙනු ඇති.

අධ්‍යයන කාලසීමාව වසරකට අඩු කාලයක් සහිත සිසුන් මෙන්ම නියමිත දින වකවානුවලට පෙර බටහිර ඔස්ටේ‍රලියාවට පැමිණ නොමැති ජාත්‍යන්තර සිසුන්ටද මෙම දීමනාව ලැබෙන්නේ නැහැ.

details – https://www.wa.gov.au/organisation/department-of-jobs-tourism-science-and-innovation/international-student-accommodation-subsidy?fbclid=IwAR2MjpCUCulreAtWONUdbj7KhNKrGdYLLA21d8knR86CBrnqgn6CKZ6ZFa0

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »