ඔස්ටේ්‍රලියාව පුරා Westpac බැංකු ශාඛා 24 ක් වසා දමයි

ඔස්ටේ්‍රලියාව පුරා පිහිටි බැංකු ශාඛා 24 ක් වසා දැමීමට වෙස්ට්පැක් බැංකුව තීරණය කර තිබෙනවා.

එමගින් රැකියා 103 ක් අහිමිවීමට නියමිත බවයි සේවක වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

නිවු සවුත් වේල්ස් – ක්වීන්ස්ලන්ඩ් – වික්ටෝරියා සහ බටහිර ඔස්ටේ්‍රලියා යන ප්‍රාන්තවල පිහිටි ශාඛා 24 ක් මෙලෙස වසා දැමෙන්නේ සේවා අවශ්‍යතා පදනම් කරගෙනයි.

St George, Bank of Melbourne සහ Bank SA යන වෙස්ට්පැක් සමූහය විසින් පාලනය කරනු ලබන බැංකු ශාඛා කිහිපයක්ද මේ අතර වනවා.

ඔස්ටේ්‍රලියානු තැපැල් සේවය පසුගියදා නිවේදනය කලේ නාගරික ප්‍රදේශවල පිහිටි ශාඛා කිහිපයක් වසා දමන බවයි.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »