බටහිර ඔස්ටේ්‍රලියාවේ ක්ෂේත්‍ර රැසකට වසරක් තුළ 03 වන වරටත් වැටුප් වැඩිවීමක්

වසරක කාලයක් තුළ 03 වන වරටත් රාජ්‍ය සේවකයන් සඳහා වැටුප් වැඩි කිරීමට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජයට සිදුවී තිබෙනවා.

ඒ වෘත්තීය සමිතිවලින් එල්ලවූ දැඩි බලපෑම මධ්‍යයේයි.

මේ අනුව වසරකට ඩොලර් 104,000 කට අඩු ආදායමක් ලබන තැනැත්තන්ට එක් වරක් පමණක් හිමිවන ඩොලර් 3,000 ක දීමනාවක්ද සතියක වැටුපට ඩොලර් 60 ක අමතර මුදලක්ද ලැබෙනු ඇති.

වාර්ෂික ආදායම ඩොලර් 104,000 ට වැඩි පුද්ගලයන්ට සියයට 03 ක වාර්ෂික වැටුප් වැඩිවීමක් ලැබෙන අතර ඔවුන්ටද එක් වරක් පමණක් හිමිවන ඩොලර් 3,000 ක දීමනාවක් ලැබීමට නියමිතයි.

වෘත්තීය සමිති සහ ප්‍රාන්ත රජය එකග වී ඇත්තේ අවම වශයෙන් වසර 02 ක කාලයක් හෝ මෙම වැටුප් වැඩිවීම පවත්වාගෙන යාමටයි.

බටහිර ඔස්ටේ‍රලියා ප්‍රාන්ත රජය විසින් මෙම වැටුප් වැඩි කිරීම සිදුකරනු ලැබුවේ හෙදියන් ඇතුලු පාර්ශව ගණනාවක් විසින් වැඩ වර්ජන සිදුකරන බවට කල අනතුරු ඇගවීමත් සමගයි.

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »