නවසීලන්තයේ PR ලාභීන්ට Citizen නැතිව ගැටලුවක්

නවසීලන්තයේ ස්ථිර පදිංචිය ඇති එහෙත් පුරවැසිය භාවය නොමැති පුද්ගලයින් විශාල පිරිසක් තමන්ට පුරවැසි භාවය ලැබෙනතුරු බලාසිටින බව වාර්තාවනවා.

ඇතැමුන් පුරවැසි භාවයට අයදුම් කර මාස 18 කට ආසන්න කාලයක් බලා සිටින බව සඳහන්.

පසුගිය අගෝස්තු 18 වනදා වන විට නවසීලන්ත පුරවැසි භාවය බලාපොරොත්තුවෙන් අයදුම්පත්‍ර 29,200 ක් ලැබී තිබූ අතර ඉන් අයදුම් පත්‍ර 9161 ක්ම පසුගිය වසරේදී ලැබුණු ඒවා වනවා.

අයදුම්කරුගේ නම වෙනස්වීම – ස්ථිර පදිංචිය ලබා ගැනීමෙන් පසු නවසීලන්තයෙන් පිටත බොහෝ කාලයක් ගත කර තිබීම හෝ වැරදි සිදු කර තිබීම වැනි කරුණු මත ඇතැම් අයදුම්පත් සලකා බැලීම සඳහා වැඩි කාලයක් ගතවන බවයි වාර්තා වන්නේ.

මේ අතර නවසීලන්තය නැවතත් සංචාරකයින් සඳහා විවෘත කිරීමත් සමග පුද්ගලයින් තිස් අටදහසක පමණ පිරිසක් සංචාරක වීසා සඳහා අයැදුම් කර ඇති බව නවසීලන්ත ආගමන අංශ පවසනවා.

කෙසේවෙතත් තවමත් ඉන් අනුමත කර ඇත්තේ වීසා හත්දහසක් පමණ බවයි එරට ආගමන අංශ සඳහන් කලේ.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »