රැජිනගේ අභාවය වෙනුවෙන් නවසීලන්තයටත් නිවාඩු

දෙවැනි එලිසබෙත් මහරැජිනගේ අභාවය වෙනුවෙන් නවසීලන්තය මෙම මස 26 වන දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම නවසීලන්ත අගමැතිනි ජසින්ඩා අර්ඩන් සඳහන් කළේ, රැජිනගේ අවමංගල උත්සවයට සහභාගි වීම සදහා ඇය ලබන 14 වනදා ඇය නවසීලන්තයේ සිට ලන්ඩනය බලා පිටත් ව යන බව යි.

දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවයෙන් පසු, කිරුළ හිමි තෙවැනි චාල්ස් රජු, තම රාජ්‍ය නායකයා ලෙස පිළිගැනීම සඳහා නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව විශේෂ උත්සව සංවිධානය කර තිබුණි.

එක්සත් රාජධානියේ පමණක් නොව කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රාජ්‍ය 32ක රාජ්‍ය නායකයා ලෙස සැලකෙන්නේ බ්‍රිතාන්‍යයේ රජු හෝ රැජිනය.

96 හැවිරිදි දෙවැනි එලිසබත් මහ රැජින අභාවප්‍රාප්ත වීමෙන් පසු ඇගේ වැඩිමල් පුතු චාල්ස් කුමරු, තෙවැනි චාල්ස් රජු ලෙස රජකමට පත්විය.

නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ජැසෙන්ඩා එර්ඩර්න්ගේ ප්‍රධානවත්වයෙන් වෙලිංටන් අගනුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවැති උත්සවයේ දී අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ ‘තෙවැනි චාල්ස් රජු නවසීලන්තයේ රාජ්‍ය නායකයා ලෙස පිළිගන්නවා’ යන්නය.

මහ රැජිනගේ අභාවයත් සම නවසීලන්තය නව යුගයකට පිය නඟනවා යැයි ද අග්‍රාමාත්‍ය පැවැසුවාය.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »