ඔස්ටේ්‍රලියා ලෙජන්ඩ්ස් පරාජයට පත් කර ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්ට ළකුණු 38 ක ජයක්

රෝඩ් සේෆ්ටි පන්දුවාර 20 තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් ඔස්ටේ්‍රලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම පරාජයට පත් කර ළකුණු 38 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වුණා.

කාන්පුර් හි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ එක් කඩුල්ලක් දැවී ළකුණු 218 ක් රැස්කලා.

නායක තිලකරත්න දිල්ෂාන් 107 යි.

ඩිල්ෂාන් මුණවීර නොදැවී 95 ක් ලබාගත්තා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල ඔස්ටේ්‍රලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 18 කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ළකුණු 180 ක් පමණයි.

නුවන් කුලසේකර ළකුණු 36 කට කඩුලු 04 ක් බිඳහෙලුවා.

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »