රැජිණගේ දේහය 02 වන නවාතැනට

දෙවන එලිසබෙත් මහ රැජිණගේ දේහය මේ වන විට ස්කොට්ලන්තයේ හෝලි රූඩ් හවුස් වෙත රැගෙනවිත් තිබෙනවා.

බැල්මොරල් මාලිගයේ සිට රථ පෙළ පැමිණෙන මාර්ගයේ රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මාර්ගය දෙපස විශාල ජනකායක් රැස්ව සිටි බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

අද දිනයේදී හෝලි රූඩ් හවුස් හිදී රාජකීයන්ට දේහයට ගෞරව දැක්වීම සදහා අවස්ථාව සැලසෙනවා.

පසුව දේහය එඩින්බරෝ හි ශාන්ත ගයිල්ස් දේවස්ථානයෙහි පැය 24ක කාලයක් තැන්පත් කිරීමට නියමිත අතර එහිදී ජනතාවට රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

ඉන් අනතුරුව බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට අයත් ගුවන් යානයකින් දේහය ලන්ඩනයේ බකින්හැම් මාලිගය වෙත රැගෙන යාමට නියමිතයි.

එහිදී දින 04 ක් මහජන ගෞරවය සදහා දේහය තැන්පත් කර තැබීමට සැළසුම් කර තිබෙනවා.

ලබන 19 වනදා ලන්ඩනයේ වෙස්මිනිස්ටර් ඇබේ හිදීයි දෙවන එළිසබෙත් රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවය සංවිධාන කර ඇත්තේ.

එදින දේවමෙහෙය සිදුකිරීමෙන් පසු රැජිණගේ දේහය රැගෙනයනු ලබන්නේ ශාන්ත ජෝර්ජ් දෙව්මැදුරටයි.

අනතතුරුව දේහය වින්ඩ්සර් මාලිගය පරිශ්‍රයේ ඇයගේ ස්වාමියා වන පිලිප් ආදිපාදවරයාගේ දේහය තැන්පත් කර ඇති ස්ථානයට පසෙකින් තැන්පත් කෙරෙනු ඇති.

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »