රැජිණගේ අභාවයට ඔස්ටේ‍රලියාව තුළ ශෝක දිනයක් සහ නිවාඩු දිනයක්

02 වන එළිසබෙත් රැජිණගේ අභාවය වෙනුවෙන් ලබන 22 වනදා ඔස්ටේ‍රලියාව තුළ ජාතික ශෝක දිනයක් සහ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අගමැති ඇන්තනී ඇල්බනීස් පැවසුවේ ඔස්ටේ‍රලියානුවන්ට රැජිණ වෙනුවෙන් ඔවුන්ගේ කණගාටුව පළකිරීම සඳහා මෙම අවස්ථාව ලබාදෙන බවයි.

මේ පිළිබඳ සියලු ප්‍රාන්ත අගමැතිවරුන් දැනුවත් කර ඊයේ දිනයේදී ලිපි යොමුකල බවත් අගමැතිවරයා කියාසිටියා.

ඔවුන් සියලු දෙනාද තම යෝජනාවට එකගත්වය පළකල බවයි ඇන්තනී ඇල්බනීස් සඳහන් කලේ.

දෙවන එලිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සැප්තැම්බර් 19 සඳුදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී පැවැත්වීමට නියමිත බව බකිංහැම් මාලිගය තහවුරු කර තිබෙනවා.

දේහය ලබන අඟහරුවාදා ලන්ඩනයට ගෙන යාමට පෙර ඉරිදා බැල්මොරල් මාලිගයේ සිට එඩින්බරෝ වෙත ගෙන යනු ඇති.

පසුව බදාදා සිට ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවැත්වෙන අවමංගල්‍ය උත්සවයේ උදෑසන දක්වා වෙස්ට්මිනිස්ටර් ශාලාවේ දේහය තැන්පත් කර තැබීමට නියමිතයි.

මහ රැජිනගේ ස්වාමියා වූ පිලිප් කුමරුගේ දේහය මිහිදන් කර ඇති සොහොන් කොත පසෙකින් මහ රැජිනගේ දේහය මිහිදන් කෙරෙනු ඇති.

සති අන්තයේ වැරදි කරන රියදුරන්ට දඬුවම් දෙගුණ වෙයි

ඇන්සාක් දිනයට සමගාමීව මෙම සති අන්තයේ රථ වාහන වැරදි කරන රියදුරන් සඳහා ලබාදෙන ඩිමැරිට් පොයින්ට්ස් නොහොත් දඬුවම් ලකුණු සංඛ්‍යාව දෙගුණයක් කිරීමට ප්‍රාන්ත කිහිපයක පොලිස් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවට යන්න Online වීසා අයදුම් කරන අයට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මාර්ගගතව වීසා අයදුම් කරන පිරිස වෙනුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

මෙල්බන් Highpoint සාප්පු මධ්‍යස්ථානයේ තවත් පිහි ඇනුමක්

මෙල්බර්න්හි හයිපොයින්ට් සාප්පු මධ්‍යස්ථානයේදී ඊයේ රාත්‍රී සිදු වූ පිහි ඇනුමක් සම්බන්ධයෙන් බාල වයස්කරුවෙකු ඇතුලු 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ට අවසර නොමැතිව ගෙවත්තේ ඇති ගස් කපන්න තහනම් වෙයි?

මෙල්බර්න්හි ගිනිකොන දෙසින් පිහිටි නිවාසවල පදිංචිකරුවන්ට බලපත්‍රයක් නොමැතිව තම ගෙමිදුලෙහි ඇති ගස් කප්පාදු කිරීම හෝ සම්පුර්ණයෙන් කැපීම තහනම් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

Read More »