Search

ඔස්ටේ්‍රලියාවේ මුදල් නෝට්ටුවල වෙනසක්

02 වන එළිසබෙත් රැජිණගේ අභාවය හේතුවෙන් ඔස්ටේ්‍රලියාවේ මුදල් නෝට්ටුවලද වෙනසක් සිදුවනවා.

මේ අනුව ඩොලර් 05 නෝට්ටුවේ ඇති රැජිණගේ රුව ඉන් ඉවත්වී නව රජු බවට පත්වූ 03 වන චාල්ස් රජුගේ රුව ඊට ආදේශවීමට නියමිතයි.

අදින් පසු මුද්‍රණය කෙරෙන නෝට්ටු සඳහා එය බලාත්මක වනු ඇති.

ඔස්ටේ‍රලියාවට අමතරව මහා බ්‍රිතාන්‍යය – කැනඩාව – නවසීලන්තය ඇතුලු රටවල් ගණනාවක නිකුත් කෙරෙන කාසි සහ නෝට්ටු වලද මින් ඉදිරියට චාල්ස් රජුගේ රුව ඇතුළත් කිරීමට නියමිතයි.

02 වන එළිසබෙත් මහ රැජිණගේ අභාවය හේතුවෙන් ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තු රැස්වීම් තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

අවම වශයෙන් දින 15 කට හෝ පාර්ලිමේන්තු කටයුතු නොපැවැත්වීමටයි අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් උපදෙස් දී ඇත්තේ.

ඔස්ටේ්‍රලියාවේ ස්ථාන සහ ගොඩනැගිලි රැසකු ජාතික කොඩිය අඩකුඹු කර ඇති ආකාරයකුයි දක්නට ලැබෙන්නේ.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »