Search

එලිසබෙත් රැජිණ දිවි සැරියට සමුදෙයි

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණ සිය දිවි ගමනට සමුදුන් බව බකිංහැම් මාලිගාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කර සිටියා.

96 හැවිරිදි වියේ පසුවූ බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණ ස්කොට්ලන්තයේ පිහිටි බැල්මෝරාල් මාලිගයේදී අභාවප්‍රාප්ත වූ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඇය විසින් බ්‍රිතාන්‍ය කිරුළ හොබවන ලද කාලය වසර 70 ක්.

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ ඔහුගේ ආර්යාව වන කැමිලා පාකර් ඇතුළු රාජකීය පවුලේ සමිපතයින් අද දහවල් බ්‍රිතාන්‍යයේ සිට ස්කොට්ලන්තයේ පිහිටි බැල්මෝරාල් මාලිගය වෙත ගුවන් මගින් පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

මේ අතර දෙවන එලිසබෙත් රැජිණ ගේ අභාවයෙන් පසුව බ්‍රිතාන්‍යයේ රජු ලෙස චාල්ස් කුමරු පත් කෙරුණු ඇත.

වයස අවුරුදු 26 දී එක්සත් රාජධානියේ කිරුළ හිස දරාගත් දෙවන එළිසබෙත් මහ රැජින වසර 70ක් පුරා එහි ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කලා.

දෙවන එළිසබෙත් මහ රැජින බ්‍රිතාන්‍යයේ කිරුළ හිස දරන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු සුවිසල් සමාජ විපර්යාසයන් රැසක් සිදු කෙරෙමින් පැවති 1952 වසරේදීයි.

අභාවප්‍රාප්ත වූ එළිසබෙත් රැජිනගේ දේහය හෙට ලන්ඩනයට රැගෙන එන බවයි වාර්තා වන්නේ.

1926 අප්‍රේල් මස 21 වන දින ලන්ඩනයේ හිදී උපත ලද එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි වින්සර් ආර්යාව කිරුළ දරා සිටි කාලය පුරා මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරුන් 15 දෙනෙකු සේවය කර තිබෙනවා.

එමෙන්ම ඇයගේ කිරුළු සීමාව තුල අවසන් වරට අග්‍රාමාත්‍ය ධුරය දරන්නේ මීට සතියකට පෙර මහ රැජින වෙතින් පත්වීමේ ලිපිය ලබාගත් බ්‍රිතාන්‍යයේ තෙවැනි කාන්තා අග්‍රාමාත්‍යවරිය වන ලිස්ට්‍රස්.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »