ඔස්ටේ්‍රලියාවට එන සංචාරකයන්ට අද සිට අලුත් නීතියක්

ඔස්ටේ්‍රලියාවට පැමිණෙන ජාත්‍යන්තර ගුවන් යානාවලදී මුහුණු ආවරණ පැළඳීමේ අවශ්‍යතාවය අද සිට ඉවත් කර තිබෙනවා.

කොවිඩ් වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමග ඔස්ටේ්‍රලියාව විසින් පළමුවරට ජාත්‍යන්තර ගුවන් යානා තුළ මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කරනු ලැබුවේ 2021 වසරේ ජනවාරි මාසයේදීයි.

අද සිට එම නියමය ඉවත් කලද කැමති ඕනෑම අයෙකුට සිය අභිමතය පරිදි තවදුරටත් ගුවන් යානා තුළදී මුහුණු ආවරණ භාවිත කල හැකි වනවා.

අභ්‍යන්තර ගුවන් ගමන්වලදී මුහුණු ආවරණ පැළඳීමේ අවශ්‍යතාවය ඉවත් කිරීමට පසුගිය සතියේ රැස්වූ ජාතික කැබිනට් මණ්ඩලය විසින් තීරණයක් ගනු ලැබුවා.

මේ අතර දෛනික කොවිඩ් දත්ත වාර්තාකරණය අද සිට (09) සිට පූර්ණ වෙනසකට ලක් කිරීමට ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා.

අද සිට දෛනික කොවිඩ් තොරතුරු ප්‍රකාශයට පත් කිරීමක් සිදු නොවන අතර සතිපතා වාර්තාවක් ඉදිරිපත් කිරීම පමණක් සිදුවනු ඇති.

ෆෙඩරල් රජය – ප්‍රාන්ත රජයන් සහ සියලු සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ප්‍රධාන සෞඛ්‍ය නිළධාරීන් එක්ව ගනු ලැබූ තීරණයක් අනුවයි එය ක්‍රියාත්මක වන්නේ.

මේ අනුව සෑම සතියකම බ්‍රහස්පතින්දා පස්වරුව වනවිට ලැබී ඇති කොවිඩ් තොරතුරු සිකුරාදා දිනවලදී ෆෙඩරල් රජය සහ එක් එක් ප්‍රාන්තය මට්ටමින් ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »