රැජිණගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කනස්සල්ල

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඇයගේ වෛද්‍යවරුන් කනස්සල්ල පළකර තිබෙනවා.

ඇයට වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින ලෙසට නිර්දේශ කර ඇති බවයි බකිංහැම් මාලිගය පවසන්නේ.

රැජින මේ වන විට බල්මොරල් මාලිගාවේ සිටින බව සඳහන්.

96 හැවිරිදි රැජිණගේ සෞඛ්‍යය පිළිබඳ අවධානය උත්සන්න වූයේ වෛද්‍යවරුන් ඇයට විවේක ගන්නා ලෙස නියෝග කිරීමෙන් පසුවයි.

චාල්ස් කුමරු ඇය අසල සිටි අතර විලියම් කුමරු ඇය සමඟ ගමන් කළ බව සඳහන්.

මේ අතර කෙන්සිංටන් මාලිගාවේ ප්‍රකාශකයෙක් පැවසුවේ කේම්බ්‍රිජ් ආදිපාදවරයා ද බල්මොරල් වෙත ගමන් කරමින් සිටින බවයි.

බකිංහැම් මාලිගයෙන් ලැබෙන ප්‍රවෘත්ති ගැන මුළු රටම දැඩි කනස්සල්ලට පත්වනු ඇතැයි අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් ප්‍රකාශ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »