වික්ටෝරියා ගිලන් රථ සේවය සැගවු රහසක් එළියට

කොවිඩ් 19 උච්චතම අවස්ථාවක් පැමිණෙන බවට වික්ටෝරියා ගිලන් රථ සේවය කලින් දැන සිටි බවට ආන්දෝලනාත්මක අනාවරණයක් සිදුකර තිබෙනවා.

වික්ටෝරියා ආපදා කළමණාකරණ පොලිස්පති ටෝනි පියර්ස් පවසන්නේ 2020 වසරේදී සිදුකල පූර්ව අනාවැකි හරහා එය ප්‍රකාශයට පත් කර සියලු ගිලන් රථ සේවා වෙත ලබා දී තිබූ බවයි.

වික්ටෝරියා ගිලන් රථ ප්‍රමාදය හමුවේ පුද්ගල මරණ 33 ක් සිදුවූ බවට දින කිහිපයකට පෙර නිකුත් වූ වාර්තාව පිළිබඳ අදහස් දක්වමිනුයි ඔහු මේ බව පවසා සිටින්නේ.

කෙසේවෙතත් මෙම ප්‍රකාශය සහ වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සිදුකල ප්‍රකාශය අතර පරස්පරයක් පවතිනවා.

ඔහු පසුගියදා සඳහන් කර තිබුණේ ප්‍රාන්තයේ කිසිදු හදිසි අවස්ථා තත්වයක් පිළිබඳව ගිලන් රථ සේවය දැනුවත්ව සිටියේ නම් පූර්ව පියවර ගැනීමට හැකියාව පැවති බවයි.

පුද්ගල මරණ 33 පිළිබඳව කණගාටුව පළකරන බවත් සියයට 90 කට ආසන්න ඇමතුම් සඳහා තත්පර 05 ක් ඇතුළතදී පිළිතුරු ලබාදී ඇති බවත් අගමැතිවරයා ප්‍රකාශ කලා.

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »

රෝගයක් පැතිර යාම ඉහළ යාම නිසා ජනතාවට අනතුරු ඇඟවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගතවූ සතියක කාලයක් තුළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසකට උණ රෝගය වැළඳී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

තවමත් 3G භාවිතා කරන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ 3G සන්නිවේදන ජාලය ක්‍රියාකාරීත්වයේ පවතින අවසන් මාස කිහිපය ගතවෙමින් තිබුණ ද මිලියන භාගයක පමණ පිරිසක් තවමත් 4G ජාලයට යාමට සූදානමක් නොමැති බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් තුළ මෙල්බන් අවට ගිනි ගැනීම් 8ක් ගැන විශේෂ විමර්ශණයක්

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ අලෙවිසැල් දෙකක් ගිනිගෙන විනාශ වීමෙන් පසු පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »