ඔස්ටේ්‍රලියානුවන්ට අද හවස අගමැතිගෙන් සතුටුදායක පුවතක්

ඖෂධ මිළ ගණන් අඩු කෙරෙන යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.

මැතිවරණ සමයේ සිය ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර ලබාදුන් පොරොන්දුවක් අනුව එය සිදුකරන බවයි අගමැතිවරයා සඳහන් කලේ.

ඉහළ යන ජීවන වියදමට එමගින් යම්තාක් දුරකට හෝ සහනයක් ලැබෙනු ඇති බව අගමැතිවරයාගේ ස්ථාවරයයි.

ලබන ජනවාරි පළමුවනදා වනවිට ඖෂධ වර්ග රැසක මිළ ගණන් 1/3 කින් පමණ අඩු කිරීම මෙහි සැළසුම වී තිබෙනවා.

මේ අනුව Prescription එකක් සඳහා අය කල හැකි උපරිම මුදල ඩොලර් 10 කට වැඩි අගයකින් අඩු කිරීමට යෝජිතයි.

සාමාන්‍යයෙන් වසරකදී ඔස්ටේ්‍රලියානුවන්ට මේ හරහා ඩොලර් 200 ක පමණ ඉතුරුවක් අපේක්ෂා කල හැකි බව සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් සඳහන් කලා.

මේ අතර ලබන මාසයට යෙදී ඇති ෆෙඩරල් අයවැය ලේඛනයෙන්ද ජනතාවට සැළකිය යුතු සහන ලබාදෙන බවයි අද කැන්බරා නුවරදී අදහස් දක්වමින් අගමැති ඇන්තනී ඇල්බනීස් කියාසිටියේ.

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »