
ඔස්ටේ්‍රලියාව – අමෙරිකාව ඇතුලු රටවල් කිහිපයක් රුසියාවෙන් බොරතෙල් ආනයනය නතර කර ඇතත් වක්‍රාකාරයෙන් මිළදී ගැනීම් සිදුකරන බවට චෝදනා එල්ල වනවා.
ඉන්දියාවේ පිරිපහදු මධ්‍යස්ථානවලින් මිළදී ගන්නා ඉන්ධනවලින් වැඩි ප්‍රමාණයක් රුසියාවෙන් ගෙන්වන ලද ඒවා වීම ඊට හේතුවයි.
මෙය වක්‍රාකාරව රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පූටින්ට සහය දැක්වීමක් බවටයි බලශක්ති අධ්‍යයන ආයතනය නිකුත් කල නවතම වාර්තාවක දැක්වෙන්නේ.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග රටවල් රැසක් රුසියාවෙන් බොරතෙල් ආනයනය තහනම් කලද ඉන්දියාව තවදුරටත් එරටින් ඉන්ධන ආනයනය කරනු ලබනවා.
ඔස්ටේ්‍රලියාවද ඉන්දියාවෙන් බොරතෙල් මිළදී ගන්නා බැවින් මෙය ඔස්ටේ්‍රලියානු ඩොලර් යුක්රේනයට එරෙහි සටන් සඳහා වක්‍රාකාරව පූටින්ට ලබාදීමක් බවටයි චෝදනා එල්ල වන්නේ.

කෙසේවෙතත් ඉන්ධන සහ ගෑස් මිල ගණන් ඉහළ අගයක පැවතීම හමුවේ ඉන්දියාවෙන් යම්තාක් දුරකට හෝ අඩු මිළකට බොරතෙල් මිළදී ගැනීම ඔස්ටේ්‍රලියාව විසින් නතර නොකරනු ඇති බවත් මෙම වාර්තාව පෙන්වා දෙනවා.