පොළී අනුපාත තීරණය අද – අඛණ්ඩව 05 වන මාසයටත් ඉහළට ?

ඔස්ටේ්‍රලියානු සංචිත බැංකු විධායක මණ්ඩලය අද රැස්වන අතර උද්ධමනය පාලනය කිරීමේ අරමුණ ඇතිව අඛණ්ඩව 05 වන මාසයටත් පොළී අනුපාත ඉහළ දැමීම පිළිබඳ තීරණයක් එහිදී ගැනීමට නියමිතයි.

ඊට සමගාමීව වාණිජ බැංකු විසින් cash rate අගයන්ද වැඩි කරනු ඇති.

සියයට 0.25 ත් 0.5 ත් අතර අගයකින් පොළී අනුපාත වැඩි කරනු ඇති බවත් ඒ අනුව cash rate අගයද සියයට 2.35 කින් පමණ වැඩි කෙරෙනු ඇති බවත් ආර්ථික විද්‍යාඥයන් අනාවැකි පළකරනවා.

එසේ වුවහොත් 2014 වසරේ දෙසැම්බර් මාසයෙන් පසු ඔස්ටේ්‍රලියාව තුළ cash rate අගය ඉහළම අගයකින් වැඩි කෙරෙන පළමු අවස්ථාව බවට එය පත් වනු ඇති.

උකස් වාරික ගෙවන අයෙකුට මේ අනුව සිය වාරිකය ඩොලර් 144 කින් පමණ වැඩි වනු ඇති බවට අපේක්ෂා කල හැකියි.

ඒ අනුව මැයි මාසයේ සිට මේ දක්වා සිදුවූ උකස් වාරික වැඩිවීම ඩොලර් 600 ක් පමණ වනවා.

ඔස්ටේ්‍රලියාව තුළ cash rate අගය ඉහළයාම 2024 වසර දක්වා සිදුවිය හැකි බවට ආර්ථික විශ්ලේෂකයන් පුරෝකථනය කරනවා.

නත්තල් සමය වනවිට එය සියයට 3.1 ක් දක්වාද ලබන පෙබරවාරි මාසය වනවිට සියයට 3.35 ක උපරිමයක් දක්වාද වැඩි විය හැකි බවටයි අනාවැකි පළවන්නේ.

සිඩ්නිහි ප්‍රසිද්ධ නීතිඥවරයෙක් පොලිස් අත්අඩංගුවට

ලිංගික අපයෝජනයට ලක්වූ අයෙකුගේ විස්තර ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් සිඩ්නිහි අපරාධ නඩු සම්බන්ධයෙන් පෙනී සිටින නීතිඥයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

සුනඛ සුරතලුන්ගේ හිමිකරුවන්ට නීති දැඩි වෙයි

සුනඛයන් සහ බළලුන් කළමනාකරණ පනතේ නව ප්‍රතිසංස්කරණ යටතේ දකුණු ඔස්ට්‍රේලියාවේ සුනඛ සපා කෑම් සහ ප්‍රහාර සඳහා වන දඩුවම් දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

චාල්ස් රජු මෙතෙක් හෙබවූ තනතුරක් පුතාට ලබාදෙයි

බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ ප්‍රධාන කර්නල් තනතුර වේල්සයේ කුමාරයා වන බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාර්ල් රජුගේ පුත් විලියම් කුමරු වෙත ලබා දී තිබෙනවා.

Read More »