JobSeeker – Age Pension ඇතුලු දීමනා රැසක් අද සිට ඉහළට

වසර 30 කට පමණ පසු ඔස්ටේ්‍රලියාවේ සුභසාධක දීමනා වැඩි කිරීමක් අද සිට සිදුවනවා.

ලක්ෂ 50 කට ආසන්න පිරිසකට එමගින් වරප්‍රසාද උදාවනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ.

ඉහළයන ජීවන වියදම සහ උද්ධමනය සැළකිල්ලට ගෙනයි මෙම දීමනා ඉහළ නැංවීමට පියවර ගැණුනේ.

මේ අනුව Age Pension, Disability Support Pension & Carer Payment යන දීමනා තනි පුද්ගලයෙකු සඳහා සති 02 කට ඩොලර් 38.90 ක් ද යුවළකට ඩොලර් 58.80 ක් ද ලෙස ඉහළ දැමෙනු ඇති.

ළමුන් නොමැති තනි පුද්ගලයෙකු සඳහා සති 02 කට හිමිවන JobSeeker දීමනාව ඩොලර් 25.70 කින් ඉහළ දමා ඇත්තේ ඩොලර් 677.20 ක් දක්වායි.

Parenting Payment දීමනාව සති 02 ක කාලයක් සඳහා ඩොලර් 35.20 කින් වැඩි කර තිබෙනවා. ඒ අනුව නව දීමනාව ඩොලර් 927.40 ක් දක්වා ඉහළ යනවා.

ABSTUDY දීමනාද ඉහළ දමා ඇති බවයි ෆෙඩරල් රජය නිවේදනය කලේ.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »