ඔස්ටේ්‍රලියානුවන්ට හිසරදයක් වන පුවතක් අනිද්දා අසන්නට ලැබෙන හැඩ

අඛණ්ඩව 05 වන මාසයටත් මෙම සතිය තුළදීත් ඔස්ටේ්‍රලියානු සංචිත බැංකුව විසින් පොළී අනුපාත ඉහළ දමනු ඇති බවට වාර් තා පළවනවා.

විශේෂයෙන් උකස් ණය වාරික ගෙවන්නන්ට මෙය හිසරදයක් බවට පත්වන පුවතක් වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ෆෙඩරල් සංචිත බැංකුවේ මූල්‍ය විධායක මණ්ඩලය ලබන අගහරුවාදා දිනයේදී රැස්වීමට නියමිත අතර එහිදී මෙම තීරණය ගැනෙනු ඇති බව සඳහන්.

මීට සමගාමීව උද්ධමනය පාලනය කිරීමේ අරමුණ ඇතිව වාණිජ බැංකු විසින් cash rate අගයන්ද ඉහළ දමනු ඇති බවටද අනාවැකි පළවනවා.

සියයට 0.25 ත් 0.5 ත් අගර අගයකින් පොළී අනුපාත වැඩි කරනු ඇති බවත් ඒ අනුව cash rate අගයද සියයට 2.35 කින් පමණ වැඩි කෙරෙනු ඇති බවත් ආර්ථික විද්‍යාඥයන් අනාවැකි පළකරනවා.

එසේ වුවහොත් 2014 වසරේ දෙසැම්බර් මාසයෙන් පසු ඔස්ටේ්‍රලියාව තුළ cash rate අගය ඉහළම අගයිකින් වැඩි කෙරෙන පළමු අවස්ථාව බවට එය පත් වනු ඇති.

උකස් වාරික ගෙවන අයෙකුට මේ අනුව සිය වාරිකය ඩොලර් 144 කින් පමණ වැඩි වනු ඇති බවට අපේක්ෂා කල හැකියි.

ඒ අනුව මැයි මාසයේ සිට මේ දක්වා සිදුවූ උකස් වාරික වැඩිවීම ඩොලර් 600 ක් පමණ වනවා.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »