Search

සංක්‍රමණ කෝටා වැඩි කිරීමේ වැඩිම වාසිය දකුණු ආසියාවට

2022-23 වසරට අදාළව ඔස්ටේ්‍රලියාව විසින් ඉහළ දමන ලද 35,000 ක් වන සංක්‍රමණ කෝටාවේ වැඩි වාසිය ඉන්දියානුවන්ට හිමිවනු ඇති බවට වාර්තා පළවනවා.

අවසාන වරට නිකුත් වු සංක්‍රමණ වාර්තාවට අනුව ඔස්ටේ්‍රලියාවට පුහුණු ශ්‍රමිකයන් පැමිණෙන රටවල් අතර 02 වන ස්ථානය දක්වා ඉන්දියාව පෙරමුණට පැමිණ සිටිනවා.

ඒ චීන ජාතිකයන් සහ නවසීලන්ත ජාතිකයන්ද අභිබවා යමින්.

දැනට ඉන්දියානුවන් පසුපසින් සිටිනුයේ එංගලන්ත ජාතිකයන්ට පමණයි.

2011 වසරේදී සිදුකල සංගණනයට අනුව ඔස්ටේ්‍රලියාවට සංක්‍රමණය වී සිටි ඉන්දියානුවන් සංඛ්‍යාව 337,120 ක් ලෙස සටහන්ව තිබුණා.

කෙසේවෙතත් 2021 සංගණනයට අනුව එය 710,380 ක් දක්වා ඉහළ ගොස් තිබු බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා පෙන්වා දෙන්නේ.

ඉදිරි පුරෝකථන සැළකීමේදී මෙවර ඔස්ටේ්‍රලියානු සංක්‍රමණ කෝටාව වැඩි කිරීමේ වැඩිම වාසිය ඉන්දියානුවන් විසින් අත්කර ගනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »