Search

වැඩිකල 35,000 කෝටාවෙන් PR හිමිවන අය මෙන්න

වසර 02 ක් – 03 ක් වැනි කෙටි කාලීන කාල සීමා සඳහා පුහුණු ශ්‍රමිකයන් ගෙන්වාගෙන ඔස්ටේ්‍රලියාවේ රැකියා වෙළඳපොල ගොඩ නැගිය නොහැකි බව අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.

එබැවින් ඔවුන්ට ස්ථිර පදිංචිය හිමිවන මාර්ගයන් සකසා දිය යුතු බවයි කැන්බරා නුවර පැවති රැකියා සහ නිපුණතා ශ්‍රමික සමුලුව අවසන් කරමින් ඔහු කියාසිටියේ.

ගෝලීය රැකියා වෙළඳපොලේ ආකර්ශණීය රටක් වීමට ඔස්ටේ්‍රලියාව ඉදිරියේදී පියවර රැසක් ගන්නා බවද අගමැතිවරයා සඳහන් කලා.

2022-23 වසර සඳහා පුහුණු ශ්‍රමික කෝටාව 35,000 කින් ඉහළ දැමීමට ෆෙඩරල් රජය තීරණය කර ඇතැයි මෙම සමුලුවේදී අනාවරණය වුණා.

ඉන් 4,700 ක් හෙදියන් සඳහා වෙන් කෙරෙන අතර තවත් 9,000 ක් regional ප්‍රදේශ සඳහා වනවා.

ඉතිරි ප්‍රමාණය එක් එක් ප්‍රාන්තය සඳහා කෝටා වශයෙන් වෙන් කර දීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »