ඔස්ටේ්‍රලියාව තුළ බිත්තර හිගයක සහ මිළ ඉහළයාමක අනතුරු ඇගවීමක්

බිත්තර සම්බන්ධයෙන් ගැනීමට යන නව තීරණයක් හේතුවෙන් ඔස්ටේ්‍රලියාව තුළ දැඩි බිත්තර හිගයක් සහ මිළ ඉහළයාමක් සිදුවනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

විශේෂිත කූඩුවල රඳවා සිටින කිකිළියන් විසින් දමන ලද බිත්තර (caged eggs) 2036 වසර වනවිට අලෙවි කල නොහැකි බවටයි දැනට නිර්දේශ කර ඇත්තේ.

පරිසර හානිය අවම කිරීමයි එහි අරමුණ වන්නේ.

කෙසේවෙතත් නව ක්‍රමවේදයකට යොමුවීමට මෙම කාලය ප්‍රමාණවත් නැතැයි ඔස්ටේ්‍රලියා බිත්තර නිෂ්පාදකයන් අවධාරණය කරනවා.

අවම වශයෙන් 2046 වසර දක්වා හෝ එම කාලය දීර්ඝ කල යුතු බවටයි ඔවුන් යෝජනා කරන්නේ.

ඔස්ටේ්‍රලියාවේ දැනට නිෂ්පාදනය කරන බිත්තර අතුරින් අඩකට වැඩි ප්‍රමාණයක් caged eggs බවයි පැවසෙන්නේ.

එමෙන්ම සුපිරි වෙළඳ සැල්වල අලෙවි කරන බිත්තර අතුරින් සියයට 40 ක්ම එම බිත්තර බවටද වාර්තා වනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »

රෝගයක් පැතිර යාම ඉහළ යාම නිසා ජනතාවට අනතුරු ඇඟවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගතවූ සතියක කාලයක් තුළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසකට උණ රෝගය වැළඳී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

තවමත් 3G භාවිතා කරන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ 3G සන්නිවේදන ජාලය ක්‍රියාකාරීත්වයේ පවතින අවසන් මාස කිහිපය ගතවෙමින් තිබුණ ද මිලියන භාගයක පමණ පිරිසක් තවමත් 4G ජාලයට යාමට සූදානමක් නොමැති බවට අනාවරණ වී තිබෙනවා.

Read More »