වික්ටෝරියා සේවකයන් ගෙදර සිටි කාලය අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ සේවක සේවිකාවන්ට නිවසේ සිට රාජකාරි කිරීම සඳහා නිකුත් කර තිබු නිර්දේශ ඉවත් කර තිබෙනවා.

ඒ අනුව නැවතත් සාමාන්‍ය පරිදි කාර්යාලවල සිට සේවා කටයුතු සිදුකිරීමට අවස්ථාව පවතින බවයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

කෙසේවෙතත් එක් එක් කාර්යාලයේ අවශ්‍යතාවය මත දුරස්ථ රාජකාරි සිදුකිරිමට තවදුරටත් හැකියාව පවතිනවා.

මේ අතර දෛනික කොවිඩ් දත්ත තොරතුරු වාර්තාව නිකුත් කිරීමද ලබන 07 වනදායින් පසු නතර කර සතිපතා වාර්තාවක් පමණක් නිකුත් කිීමටද වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

එහෙත් වික්ටෝරියා කොවිඩ් හදිසි අවස්ථා තත්වය ඔක්තෝබර් 12 වනදා තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇති.

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »

රෝගයක් පැතිර යාම ඉහළ යාම නිසා ජනතාවට අනතුරු ඇඟවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගතවූ සතියක කාලයක් තුළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසකට උණ රෝගය වැළඳී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

තවමත් 3G භාවිතා කරන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ 3G සන්නිවේදන ජාලය ක්‍රියාකාරීත්වයේ පවතින අවසන් මාස කිහිපය ගතවෙමින් තිබුණ ද මිලියන භාගයක පමණ පිරිසක් තවමත් 4G ජාලයට යාමට සූදානමක් නොමැති බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් තුළ මෙල්බන් අවට ගිනි ගැනීම් 8ක් ගැන විශේෂ විමර්ශණයක්

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ අලෙවිසැල් දෙකක් ගිනිගෙන විනාශ වීමෙන් පසු පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »