ඔස්ටේ්‍රලියාව තුළ හුදකලා නීති – මුහුණු ආවරණ රෙගුලාසිවල වෙනසක්

ඔස්ටේ්‍රලියාව තුළ බලාත්මක කොවිඩ් හුදකලා කාලය අඩු කිරීමට ජාතික කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාධිතයන් මින් ඉදිරියට දින 07 ක් වෙනුවට දින 05 ක් පමණක් හුදකලාව සිටිය යුතු බවට තීරණය වූ බව අගමැති ඇන්තනී ඇල්බනීස් සඳහන් කලා.

කෙසේවෙතත් රෝග ලක්ෂණ පෙන්නුම් කරන ආසාධිතයන් තවදුරටත් දින 07 ක කාලයක් හුදකලාව සිටිය යුතු වනවා.

ලබන සැප්තැම්බර් 09 වනදා සිට මෙම නව රෙගුලාසි බලාත්මක වනු ඇති.

මේ අතර වසංගත ආපදා දීමනාව ලබාදීමේ ක්‍රමය සංශෝධනය කල යුතු ආකාරය පිළිබඳව තීරණය කිරීමට ඉදිරියේදී තවත් සාකච්ඡාවක් පවත්වන බවද අගමැතිවරයා සඳහන් කලා.

ලබන 09 වනදා සිට අභ්‍යන්තර ගුවන් ගමන්වල නිරතවන ගුවන් මගීන් මුහුනු ආවරණ පැළඳීමද අනිවාර්ය වන්නේ නැහැ.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »

රෝගයක් පැතිර යාම ඉහළ යාම නිසා ජනතාවට අනතුරු ඇඟවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගතවූ සතියක කාලයක් තුළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසකට උණ රෝගය වැළඳී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »