ඔස්ටේ්‍රලියාවේ ඉතිරි කොවිඩ් රෙගුලාසි ඉදිරි පැය කිහිපය තුළදී ඉවතට ?

ඔස්ටේ්‍රලියාවේ දැනට ඉතිරිව පවතින කොවිඩ් රෙගුලාසි ද ඉදිරි පැය කිහිපය තුළදී ඉවත් කෙරෙනු ඇති බවට වාර්තා පළවනවා.

ඒ අද පැවැත්වෙන ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීමට නියමිතව තිබීම හේතුවෙන්.

දැනට දින 07 ක්ව පවතින හුදකලා කාලසීමාව දින 05 ක් දක්වා අඩු කිරීමට මෙහිදි අවසන් තී්රණයක් ගනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

සියලු ප්‍රාන්තවල අගමැතිවරුන් මේ පිළිබඳ පොදු එකගතාවයක් ඇති කර ගැනීම අතිශය වැදගත් බව අගමැති ඇන්තනී ඇල්බනීස් පසුගියදා සඳහන් කලා.

කෙසේවෙතත් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් අවධාරණය කර තිබුණේ හුදකලා කාලසීමාව අඩු කිරීම හැර අනෙකුත් කොවිඩ් රෙගුලාසි තවදුරටත් සංශෝධන සහිතව පවත්වාගෙව යාම වැදගත් බවයි.

ගුවන් යානා තුළ මුව ආවරණ භාවිතය සහ එන්නත්කරණ අවශ්‍යතා ඒ අතර වනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »