සේවක හිගය පියවන ක්වීන්ස්ලන්ඩ් 10 අවුරුදු සැළසුම එළිදකී

Annastacia Palaszczuk

සේවක හිගය මගහරවාලීම සඳහා වැඩි වශයෙන් කාන්තාවන්, ආබාධ සහිත පුද්ගලයින් සහ සංක්‍රමණිකයන් සේවයේ යොදවා ගැනීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

මේ සඳහා ඩොලර් මිලියන 20 ක් වෙන් කර ඇති බවයි ප්‍රාන්ත අගමැතිනිය සඳහන් කලේ.

සංක්‍රමණිකයන්, සරණාගතයින් සහ ජාත්‍යන්තර සිසුන්ට රැකියා සොයා ගැනීමට උපකාර කිරීම සඳහා ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය තවත් ඩොලර් මිලියන 14 ක් ආයෝජනය කිරීමට ද තීරණය කර තිබෙනවා.

අද නිකුත් කරන ලද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජයේ දස අවුරුදු ශ්‍රම බලකා උපායමාර්ගයේ මේ බව සඳහන්.

ලබන 01 වනදා කැන්බරා නුවරදී ආරම්භ වන රැකියා සහ නිපුණතා සමුළුවේදී සිය උපායමාර්ගය ඉදිරිපත් කිරීමටයි ප්‍රාන්ත අගමැතිනිය සූදානමින් පසුවන්නේ.

ප්‍රාන්ත රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව 2025 දක්වා කාලයේ ක්වීන්ස්ලන්ඩ් රැකියා සංඛ්‍යාව 280,000 කින් පමණ වර්ධනය වනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ.

ක්වීන්ස්ලන්ඩ් ආර්ථිකයේ ශ්‍රමිකයින්ට වඩා මේ වනවිට රැකියා පුරප්පාඩු පවතින බවද ප්‍රාන්ත අගමැතිනිය අද පාර්ලිමේන්තුවට දන්වා සිටියා.

සංක්‍රමණිකයන්, සරණාගතයින් සහ ජාත්‍යන්තර සිසුන්ට රැකියා සොයා ගැනීමට උපකාර කිරීම සඳහා ඩොලර් මිලියන 5.6 ක මුදලක් වෙන් කිරීමද තවත් යෝජනාවක්.

-SBS-

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »