Search

වසර 05 ක නව වීසා බලපත්‍රයක්

සංචාරක ක්ෂේත්‍රය නංවාලීමේ අරමුණ ඇතිව නව වීසා කාණ්ඩයක් හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කලේ රටවල් 35 ක පුරවැසියන් සඳහා එය අදාළ වන බවයි.

වසර 05 ක් සඳහා බලපැවැත්වෙන පරිදි ඕනෑම අවස්ථා ගණනකදී රටට පැමිණිය හැකි වන පරිදි මෙම වීසා බලපත්‍රය නිකුත් කෙරෙනු ඇති.

එමගින් එක් අවස්ථාවකදී උපරිම මාස 06 ක් සඳහා ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිය හැකි වනවා.

දැනට ශ්‍රී ලංකාව මගින් නිකුත් කරන 01 අවුරුදු ඕනෑම අවස්ථා ගණනාවක් පැමිණිය හැකි වීසා බලපත්‍රය සහ මාස 06 කට නිකුත් කරන තනි අවස්ථා වීසා බලපත්‍රයට අමතරවයි මෙම නව වීසා බලපත්‍රය නිකුත් කෙරෙන්නේ.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »