Search

දරු උපතකදී වැටුප් සහිත නිවාඩු ඉහළ දමන්නැයි යෝජනා

දරු උපතකදී දෙමව්පියන්ට හිමිවන වැටුප් සහිත නිවාඩු කාලය සති 52 දක්වා ඉහළ දමන්නැයි වෘත්තිය සමිති විසින් ෆෙඩරල් රජයට යෝජනා කර තිබෙනවා.

එය දැනට හිමිවන වැටුප් සහිත නිවාඩු කාලයට වඩා 03 ගුණයක පමණ ඉහළ යාමක් වීම විශේෂත්වයක්.

දැනට මවට සහ පියාට සති 18 ක නිවාඩු හිමිවන අතර පළමුවෙන් එය සති 26 දක්වා ඉහළ නැංවිය යුතු බවයි වෘත්තිය සමිතිවල ඉල්ලීම වන්නේ.

අනතුරුව 2030 වසර වනවිට සමස්ත නිවාඩු කාලය සති 52 දක්වා ඉහළ දැමිය යුතු බව ඔවුන්ගේ යෝජනාව වී තිබෙනවා.

ඔවුන් විසින් ෆෙඩරල් රජයට යොමු කර ඇති වාර්තාවේ නිර්දේශ 14 ක් ඇතුළත් අතර child care සහනාධාරය ඉහළ නැංවීමද ඊට අයත්.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »