
පුහුණු ශ්‍රමික හිගය මගහරවාලීමේ අරමුණ ඇතිව බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයද හෙද උපාධිය නොමිළයේ ලබාදීමට සූදානම් වනවා
ඒ සඳහා ප්‍රාන්ත විපක්ෂයේද සහය හිමිවී ඇති බව සඳහන්.
හෙද සහ පවුල් සෞඛ්‍ය නිළධාරි පාඨමාලා හදාරන 10,000 කගේ අධ්‍යයන ගාස්තු කපා හැරීමට ඩොලර් මිලියන 270 ක වටිනාකමින් යුත් වැඩපිළිවෙලක් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කලා.

ඒ හා සමාන වැඩපිළිවෙලක් බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තුළද ක්‍රියාත්මක කිරීමයි ප්‍රාන්ත රජයේ අරමුණ වී ඇත්තේ.
රැකියාවේ දැඩි පීඩනය සහ ආතතිය හමුවේ බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ හෙදියන් විශාල පිරිසක් සේවය අතහැර ගොස් ඇති බවද සඳහන්.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ යෝජිත හෙද සහ පවුල් සෞඛ්‍ය නිළධාරී උපාධි පාඨමාලා ගාස්තු කපා හැරීමේ වැඩි ප්‍රයෝජන අත්වනුයේ ප්‍රාදේශීය කලාපවල රෝහල්වලට බවටයි අනාවැකි පළවන්නේ.