ජෙට් ස්ටාර් ගුවන් මගීන් පිරිසක් ජපානයේදී දැඩි අපහසුතාවයට

ජෙට් ස්ටාර් ගුවන් සේවයේ ගුවන් ගමනක් අවලංගු කිරීම හමුවේ මගීන් විශාල පිරිසක් ජපානයේදී දැඩි අපහසුතාවයට ලක්ව තිබෙනවා.

ටෝකියෝ හි නරීටා ගුවන් තොටුපළේ සිට ගෝල්ඩ් කෝස්ට් දක්වා පැමිණීමට නියමිතව තිබූ JQ 012 ගුවන් යානයයි මෙලෙස පැය 24 කින් කල් දමා තිබුණේ.

ජපානයේ නිරෝධායන නීති අනුව ගුවන් මගීන්ට ගුවන් තොටුපළෙන් පිටතට යාමට පවා නොහැකිවීමෙන් ආහාර සහ ජලය නොමැතිව දැඩි දුෂ්කරතාවයකට පත්ව තිබෙනවා.

කෙසේවෙතත් සියලු ගුවන් මගීන්ට ආහාර සහ නවාතැන් පහසුකම් නියමිත පරිදි සැලසූ බව ජෙට් ස්ටාර් ගුවන් සේවය නිවේදනය කලා.

ජපානයේ සිට වෙනත් රටකට යාමට සිටි ගුවන් මගීන්ට පමණක් ගුවන් තොටුපළෙන් පිටතට යාමට නොහැකිවූ බවයි ඔවුන් සඳහන් කලේ.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »