Search

රංජන් රට යයි ? – තානාපති තනතුරත් අතහරී ?

අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් යෝජනා කරන ලද විදේශ සංචාර ප්‍රවර්ධන තානාපති තනතුර තමන් භාර නොගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කරයි.

ජනතාවට සේවය කිරීම සඳහා තනතුරු අවශ්‍ය නැති බව ද හෙතෙම පැවසීය.

රජයේ තනතුරක් තමන් භාර ගතහොත් ඩීල් එකක් දැම්මා හා සමාන විය හැකි යැයි ද ඔහු පැවසීය.

බරපතල වැඩ සහිත සිර දඬුවමකට ලක් කර සිටි ඔහු ජනාධිපතිවරයා විසින් කොන්දේසි සහිත සමාවක් යටතේ නිදහස් කරනු ලැබීය.

හිටපු අමාත්‍ය රංජන් රාමනායක විදේශගත වීමට නියමිත බව වාර්තා වෙයි.

දෙසතියක කාලයක් සඳහා ඔහු මෙසේ විදේශ ගත වනු ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු ජනාධිපති සමාව යටතේ කොන්දේසි සහිත සමාවක් ලැබූ අතර ඒ අනුව වසර හතක කාලයක් යන තුරු ඔහුට දේශපාලනය කිරීම එමගින් අවහිර කර ඇත.

-LANKA C NEWS-

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »