වික්ටෝරියා හෙද සිසුන්ට නොමිළයේ පාඨමාලා හදාරන්න වරම්

How_to_become_a_registered_nurse_612px

වික්ටෝරියා ප්‍රාන්තයේ හෙද සහ midwifery අංශයෙන් උපාධිය හදාරන සිසුන් 10,000 කට පමණ නොමිළයේ අධ්‍යාපනය හැදැරීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා.

ඒ ප්‍රාන්ත රජය විසින් හඳුන්වාදීමට යෝජිත ඩොලර් මිලියන 270 ක නව සෞඛ්‍ය වැඩපිළිවෙල යටතේයි.

මේ අනුව හෙදියන් සහ වින්නඹු මාතාවන් 17,000 ක් පුහුණුකර සෞඛ්‍ය පද්ධතියට එක් කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ 2023 – 2024 අධ්‍යයන වර්ෂය සඳහා හෙද හෝ midwifery පාඨමාලාවක් සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ ඕනෑම අධ්‍යාපන ආයතනයකට ඇතුලුවන දේශීය සිසුන්ට පාඨමාලා ගාස්තු ආවරණය කරගත හැකි පරිදි ශිෂ්‍යත්වයක් ලබාදීමට සැළසුම් කර ඇති බවයි.

ඒ අනුව වසර 05 කදී සිසුවෙකුට ඩොලර් 9,000 ක මුදලක් හිමිවන අතර වික්ටෝරියා මහජන සෞඛ්‍ය සේවයේ රාජකාරි කරන්නේ නම් තවත් ඩොලර් 7,500 ක මුදලක්ද ඔවුන්ට හිමිවනු ඇති.

මීට අමතරව පශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරන හෙද සිසුවෙකුට ඩොලර් 10,000 ක ශිෂ්‍යත්වයක් පිරිනැමීමටද වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

හෙදියක බවට පත්වීම සඳහා මීට වඩා සුදුසු වෙනත් කාලයක් උදාවී නොමැති බවද අගමැතිවරයා පෙන්වා දෙනවා.

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »