පෙට්‍රල් මිළ ගැන අනතුරු ඇගවීමක්

ඔස්ටේ්‍රලියාව පුරා පෙට්‍රල් මිළ ගණන් ඉදිරි දින කිහිපයේදී කැපී පෙනෙන අගයකින් ඉහළ යනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

ඊට හේතුව වන්නේ පෙට්‍රල් සඳහා දී ඇති සහනාධාරය ලබන සැප්තැම්බර් පළමුවනදායින් අවසන් වීමයි.

එය තවදුරටත් දීර්ඝ කිරීමට සැළසුමක් නොමැති බව අගමැති ඇන්තනී ඇල්බනීස් පසුගියදා සඳහන් කර තිබුණා.

පෙට්‍රල් සඳහා පණවා ඇති සෙස් බද්ද අධික උද්ධමනය හමුවේ අඩකින් කපා හැරීමට පැවති ස්කොට් මොරිසන් රජය පියවර ගත්තේ පසුගිය මාර්තු මාසයේදීයි.

මේ අතර ලබන ඔක්තෝබර් මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැය හරහා අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට සහන රැසක් පිරිනමන බව අගමැති ඇල්බනීස් පසුගියදා කියාසිටියා.

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »