රංජන් ට වසර 07 ක් යනතුරු මැතිවරණ බැහැ

ජනාධිපති සමාව හිමි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට වසර 7ක් යනතුරු මැතිවරණ සඳහා තරග කළ නොහැකි බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා.

අමාත්‍යවරයා සදහන් කළේ රංජන් රාමනායකට පූර්ණ නිදහස හිමි වී නොමැති බවයි.

කිසියම් දේශපාලඥයකු මාස 06කට වඩා සිරදඩුවම් විද ඇත්නම් ඔහුට වසර 07කට ප්‍රජා අයිතිය අහෝසි වනවා.

කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (2) වගන්තිය යටතේ සමාව හිමි වූයේ නම්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ද හිමිවනවා.

එහෙත් රන්ජන් රාමනායකට ජනාධිපති සමාව හිමිව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) (ඈ) වගන්තිය යටතේයි.

ඒ අනුව, රංජන් රාමනායකට වසර 7ක් යනතුරු මැතිවරණ සඳහා තරග කිරීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ හැකි වන්නේ නැහැ.

කෙසේ වෙතත්, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසුවේ අවශ්‍ය අවස්ථාවකදී මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට රන්ජන් රාමනායකට ඉඩ ලබා දිය හැකි බවයි.

මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාටද නිදහස ලබා දීමේදී පළමුව මෙවැනි කොන්දේසි සහිත සමාවක් ලබා දී ඉන්පසුව පූර්ණ සමාවක් ලබාදුන් බවයි අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසුවේ.

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »