NSW රජය සමග එකගතා ගිවිසුම ප්‍රවාහන වෘත්තිය සමිති ප්‍රතික්ෂේප කරයි

නිවු සවුත් වේල්ස් ප්‍රවාහන ගැටලුවලට අදාළව ප්‍රාන්ත රජය සමග එකගතා ගිවිසුමක් අත්සන් කිරීම ප්‍රවාහන වෘත්තිය සමිති විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

තම ඉල්ලීම් කිසිවකට මෙතෙක් නිසි විසඳුමක් ලැබී නොමැති බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

ප්‍රාන්තයේ ප්‍රවාහන සේවා වල ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම සති අන්තයේදී නිවු සවුත් වේල්ස් රජයේ බළධාරීන් සමග සාකච්ඡාවක් අවශ්‍ය බව දුම්රිය – බස් සහ ට්‍රෑම් වෘත්තිය සමිති පවසා තිබුණා.

දැනට මාස කිහිපයක සිට නිවු සවුත් වේල්ස් ප්‍රවාහන වෘත්තිය සමිති විවිධ වර්ජනවල නිරත වන්නේ වැටුප් වැඩි කිරීම් ඇතුලු විවිධ ඉල්ලීම් පදනම් කරගෙනයි.

ලබන සතියේදී දැවැන්ත වැඩ වර්ජනයක් පැවැත්වීමටද ඔවුන් සූදානමින් පසුවනවා.

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »