විදෙස්ගත වන ශ්‍රමිකයන්ට ඇමැති මනූෂගෙන් සුබ පණිවුඩයක්

වසර තුතක හෝ පහක හෝ ඊටත් වැඩි කාලයකට සාත්තු සේවයේ රැකියාවකට විදෙස්ගත වන කිසිවකු නැවත විදෙස් ගත වීමට අදහස් නොකරන ලෙසත්, තමන් ලබන ජාත්‍යන්තර අත්දැකීම් උපයෝගී කරගෙන ඉහළ මට්ටමේ සාත්තු සේවා ආයතන ආරම්භ කරන් ලෙසත්, ඒ සදහා අවශ්‍ය සියලු පහසුකම් සහ සහාය දීමට රජය සූදානම් බවත් අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.

ඒ ඊශ්‍රායලයේ නිවාස ආශ්‍රිත සාත්තු සේවාව සදහා පිටත් ව යන 13, 14 සහ 15 වැනි කණ්ඩායම්වල රැකියා අපේක්ෂකයන් අමතමිනි.

ඊශ්‍රායලයේ සාත්තු සේවක අංශයේ රැකියා සදහා පිටත්ව යන මෙම කණ්ඩායමට ශ්‍රමිකයින් තිස් තුන් දෙනෙක් ඇතුළත් විය.

එහි දී පිරිස ඇමැතූ ඇමැතිවරයා මෙසේ ද පැවැසීය.

ඔබ රැකියාව අවසන් කරලා ආපහු එන දවසක නැවත රැකියාවක් කරන්න හිතන්න එපා. තවත් කෙනකුට රැකියාවක් දෙන ව්‍යවසායකයෙක් වෙන්න. සාත්තු සේවය කියන්නේ ලෝකයේ ඉහළ ම ඉල්ලුමක් සහ පිළිගැනීමක් තියෙන ක්ෂේත්‍රයක්. සාත්තු සේවයෙන් ඩොලර් ගේන්න විදෙස්ගත වෙන්න ම ඕනේ නෑ.

ඔබ ආපහු ඇවිත් ඔබේ ම කියලා සාත්තු සේවා ආයතනයක්, පුහුණු පාසලක් ආරම්භ කරන්න දැන්ම ම සැලසුම්කර ගන්න. ඔබ ලබන ජාත්‍යන්තර අත්දැකීම් මගින් ඉහළ ප්‍රමිතියේ සේවා සපයන ආයතනයක් ආරම්භ කරන්න ඔබට හැකිවෙයි. ඒ වගේ ආයතනයක සැදෑ සමය ගෙවන්න ලෝකයේ කෝටි ප්‍රකෝටිපතියෝ බලාගෙන ඉන්නවා. ඔබට පුළුවන් ඒ හරහා අනාගතයේ රටට ඩොලර් උපයන්න.

ඒ සදහා සාත්තුසේවා සංචාරක අංශය වැඩි දියුණු කරන්න අපි සූදානම්. ජාත්‍යන්තරයේ සිටින බොහෝ පිරිස් තමන්ගේ විශ්‍රාම ජීවිතය ලංකාව වගේ රටක ඉහළ සුවසේවා සත්කාර විදිමින් ගත කරන්න කැමැතියි. ඒ සදහා අවශ්‍ය තරම් වියදම් කරන්නත් ඔවුන් සූදානම්. ඒ වගේ ම විදේශයන් හි පදිංචි ශ්‍රී ලාංකිකයන් තමන්ගේ දෙමව්පියන් ඉහළ පහසුකම් සහ සේවා සත්කාර සපයන්න අපේක්ෂාවෙන් ඉන්නේ. හැබැයි අපට තවම ඒ සදහා ප්‍රමාණවත් අත්දැකීම් සහිත ව්‍යවසායකයන් නෑ.

ඔබට කාමර පහ හයකින් හරි මේ දේ පටන් ගන්න පුළුවන් නම් ඒ සදහා රාජ්‍ය අංශයෙන් ලැබිය යුතු සියලු පහසුකම් සහ සහාය ලබා දෙන් අපි සූදානමින් ඉන්නවා. ඒ නිසා සාත්තු සේවයට යන ඔබ ලංකාවට ආව දවසක නිකමෙක් වෙන්න එපා. මේ ක්ෂේත්‍රයේ ම ප්‍රවීණයෙක් විදියට පියවරක් ඉදිරියට එන්න. මහළු නිවාස සංකල්පයෙන් මිදිලා සත්කාරක නිවාස සංකල්පයට යන්න. එමගින් ඔබට මේ රටට මහා ධනස්කන්දයක් අරගෙන එන්න පුළුවන්කම ලැබෙනවා විතරක් නෙවෙයි බොහෝ පිරිසකට රැකියා ලබා දෙන්නටත් හැකි වෙනවා.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »