ක්වීන්ස්ලන්ඩ් රියදුරන් සඳහා නව දඩයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රියදුරන් සඳහා ලබන සැප්තැම්බර් 16 වනදා සිට නව දඩයක් පැණවීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

මාර්ගයේ හදිසි ආපදා සංඥා ඇති ස්ථානවලදී ධාවන වේගය අඩු නොකරන සහ එම සංඥා නොතකා රිය ධාවනය කරන රියදුරන්ගෙන් ඩොලර් 432 ක දඩයක් මෙලෙස අයකර ගැනීමට නියමිතයි.

ඊට අමතරව ඔවුන්ට අප්‍රසාද ළකුණු 03 ක්ද ලබා දෙනු ඇති.

සියලු හදිසි රථ – ගිලන් රථ – පොලිස් මෝටර් රථ – ගිනි නිවීම් රථ සහ ආපදා රථ සඳහා ප්‍රමුඛත්වය නොදෙන රියදුරන්ගෙන්ද මෙහිදී දඩ අය කර ගැනීමට නීති සකස් කර තිබෙනවා.

හදිසි ආපදා අවස්ථාවල සේවයේ නියුතු සේවකයන්ට ප්‍රමුඛතාවය ලබාදීම මෙහි මූලික අරමුණ වන බවයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය දන්වා සිටින්නේ.

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා ගිය යානයකට ගුවනේදී හදිසි තත්ත්වයක්

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා වූ ගමන් කරමින් තිබූ වර්ජින් ගුවන් සේවයේ යානයක් තාක්ෂණික දෝෂයක් හමුවේ ආපසු හරවාගෙන පැමිණ හදිසි ගොඩ බැස්වීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඉහළම බදු අය කරන රටක් ලෙසට නම් වෙයි

ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ නවතම වාර්තා අනුව ඉහළම බදු අය කිරීමක් සටහන්ව ඇති රට ලෙසට ඔස්ට්‍රේලියාව බවට පත්ව තිබෙනවා.

Read More »