සිසුන් මිලියන 40 කගේ ශිෂ්‍ය ණය කපා හරී

සිසුන් මිලියන 40 කගේ පමණ ශිෂ්‍ය ණය කපා හැරීමට අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කර තිබෙනවා.

වාර්ෂික තනි පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 125,000 ට අඩු සහ පවුලක නම් ඩොලර් 250,000 ට අඩු නම් සිසුන් විසින් ගෙන ඇති ණය මෙලෙස කපා හැරීමට නියමිතයි.

එක් අයෙකුට ඩොලර් 10,000 ක උපරිමයක් යටතේ අදාළ ණය කපා හැරෙන බවයි අමෙරිකානු වාර්තාවල සඳහන් වන්නේ.

ඉහළ යන උද්ධමනය සහ ජීවන වියදම හමුවේ සිසුන් මුහුණපා ඇති දුෂ්කරතා සැළකිල්ලට ගෙනයි ජනාධිපති ජෝ බයිඩ්න් මෙම තීරණය ගෙන ඇත්තේ.

කෙසේවෙතත් මෙය අදාළ වන්නේ සිසුන් විසින් අමෙරිකානු මධ්‍යම රජයෙන් ගත් ණය සඳහා පමණක් වන අතර එක් එක් අධ්‍යාපන ආයතනවලින් ගත් ණය හෝ පාඨමාලා ගාස්තු මීට අදාළ වන්නේ නැහැ.

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »