Search

අයිෆෝන් 14 එන දිනය මෙන්න

ඇපල් සමාගමේ මීලග නිමැවුම වන අයිෆෝන් 14 ලබන සැප්තැම්බර් 07 වනදා (ඔස්ටේ්‍රලියාවෙන් වේලාවෙන් සැප්තැම්බර් 08) එළිදක්වන බව ඇපල් සමාගම නිවේදනය කරනවා.

කෙසේවෙතත් වෙළඳපොළට මිළදී ගැනීම සඳහා එය නිකුත් කරන්නේ සැප්තැම්බර් 16 වනදායි.

එහි අඩංගු විශේෂාංග කිහිපයක් සම්බන්ධයෙන් මේ වනවිට නිල නොවන අන්දමින් වාර්තා පළවී තිබෙනවා.

ඒ අනුව කැමරාව ඉහළම තාක්ෂණ අංගයන්ගෙන් සමන්විත වන අතර රාත්‍රී කාලයේ ඡායාරූපකරණයට අදාළ පහසුකම් රැසකින් එය සමන්විත වනවා.

අයිෆෝන් 14 දුරකථනය සමග ඇපල් වොච් නවතම නිෂ්පාදනයක්ද එළි දැක්වීමට නියමිත බවටයි වාර්තා පළවන්නේ.

කොවිඩ් වසංගතය ආරම්භයත් සමග ඇපල් සමාගම විසින් සංවිධාන කරන දැවැන්තම එළිදැක්වීම මෙය වනු ඇති බවටත් වාර්තා පළවනවා.

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »