ගව මුඛ සහ කුර රෝගයට ඔස්ටේ්‍රලියාවෙන් නව එන්නතක්

ගව මුඛ සහ කුර රෝගය නව එන්නතක් වැඩි දියුණු කිරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.

mRNA ඝනයට අයත් එම එන්නතේ පර්යේෂණ සඳහා වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 5.7 ක්.

ඉන්දුනීසියාව තුළ ගව මුඛ සහ කුර රෝගය පැතිරයාමත් සමග ඔස්ටේ්‍රලියාවද ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමුකල අතර මෙල්බන් සහ ඇඩිලේඩ් ගුවන් තොටුපළවලට පැමිණි මස් පාර්සල කිහිපයකින් එම වෛරස් කොටස් හමුවීමත් සමග දැඩි පියවර රැසක් අනුගමනය කෙරුණා.

කිසියම් අයුරකින් මෙම වෛරසය රට පුරා පැතිර ගියහොත් ඔස්ටේ්‍රලියා ආර්ථිකයට ඩොලර් බිලියන 80 ක පමණ පාඩුවක් සිදුවිය හැකි බවටත් ගණන් බලා තිබුණා.

කෙසේවෙතත් දැනට එවැනි අවධානමක් නොමැති බවයි ඔස්ටේ්‍රලියානු පශූ වෛද්‍ය අංශ අවධාරණය කරන්නේ.

මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් තරුණ තරුණියන් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.

Read More »

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »