ලංකාවත් සමලිංගිකත්වය නීතිගත කරයි ???

සමරිසිභාවය නැතහොත් සමලිංගිකත්වය දණ්ඩනීය වරදක් ලෙස මෙතෙක් සැලකන ලද වගන්ති දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කිරීම සඳහා දණ්ඩනීති සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පතක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොළවත්ත මන්ත්‍රීවරයා විසින් කටයුතු කර තිබේ.

දිවංගත කෘතහස්ත දේශපාලඥයකු වූ මංගල සමරවීරගේ වර්ෂපූර්ණ ගුණානුස්මරනය යෙදී ඇති අද (24) දිනයේ එම කෙටුම්පත ඔහු විසින් පාර්ලිමේන්තුවේ කථානායකවරයාට භාරදීමට නියමිතය.

සියලු ආකරයේ වෙනස්කොට සැලකීම් ඉවත් කිරීමටත් පුද්ගලයකුගෙ ලිංගික දිශානතිය ඔහුගෙ කැමැත්ත පරිදි පවත්වාගෙන යාමට ඇති අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් දීර්ඝ කාලයක් තිස්සෙ හඬ නැගූ මංගල සමරවීරගේ නාමයට උපහාරයක් පිණිස මෙම කෙටුම්පත අද (24) දිනයේදීම පාර්ලිමේන්තුවට භාරදීමට කටයුතු කරන බව දොළවත්ත මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම මෙම පනත් කෙටුම්පත සැකසීම සඳහා Institute of Politics ආයතනයත් එහි විධායක අධ්‍යක්ෂ සංජීව විමලගුණරත්න සහ නීතිවේදී අකලංක හෙට්ටිආරච්චි තමාට ලබාදුන් සහය පිළිබඳව කෘතවේදී වන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලදී.

මෙයට පෙර තමන් විසින් පළාත් පාලනය තුළ තරුණ නියෝජනය තහවුරු කිරීම සඳහා නාමයෝජනාවන්හි 25% ක කෝටාවක් සහතික කිරීමට ද පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් ඉදිරිපත් කරන ලද බවත් ඒ සඳහා ද Institute of Politics ආයතනයත් සංජීව විමලගුණරත්න සහ අකලංක හෙට්ටිආරච්චි දැක්වූ සහය අගය කරන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »