ඔස්ටේ්‍රලියාවේ කාර්ය බහුලම දුම්රියපොළට අලුත් හැඩයක්

ඔස්ටේ‍රලියාවේ කාර්ය බහුලම දුම්රිය නැවතුම්පොළ ලෙස සැළකෙන සිඩ්නි මධ්‍යම දුම්රිය නැවතුම් පොළට නව මුහුණුවරක් දීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඊට අවන්හල් – වෙළඳසැල් – කාර්යාල සංකීර්ණයක් සහ නිවාස සංකීර්ණයක් ඇතුළත් කර නවීකරණයට ලක් කිරීමට නියමිතයි.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ඩොමිනික් පෙරෝටේ පවසන්නේ වසර 10 ත් 15 ත් අතර කාලයක් මෙම ව්‍යාපෘතියට ගතවනු ඇති බවයි.

මෙහි ඉදි කෙරෙන ඇතැම් නිවාස සිසුන්ට සහන ගාස්තුවක් යටතේ කුළියට ලබාගත හැකි වන පරිදියි සකස් කිරීමට නියමිතව ඇත්තේ.

සිඩ්නි මධ්‍යම දුම්රිය නැවතුම් පොළ සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අධියර 2027 වසරේදී ජනතා අයිතියට පැවරීමටයි දැනට සැළසුම් කර ඇත්තේ.

හොඳම ගුවන් සේවා කාර්ය මණ්ඩලය අතරින් පළමු තැන ඔස්ට්‍රේලියාවට

යුරෝපයේ හොඳම ගුවන් සේවා කාර්ය මණ්ඩලය ශ්‍රේණිගත කිරීම් අතර ඔස්ට්‍රේලියානු ගුවන් සේවා කාර්ය මණ්ඩලය ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »

නිවසේ ඇස්බැස්ටෝස් තියෙනවා නම් සැලකිලිමත් වෙන්න

රට තුළ නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීමේ දී ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කර තිබුණ ද සෑම නිවාස තුනෙන් එකක් සඳහා තවදුරටත් ඇස්බැස්ටෝස් භාවිත කරන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »