ඔස්ටේ්‍රලියාවට පුහුණු ශ්‍රමිකයන් අහිමිවීමේ අවධානමක්

සංක්‍රමණ වැඩපිළිවෙල පූර්ණ ප්‍රතිව්‍යුහගත කිරීමක් නොකළහොත් ඔස්ටේ්‍රලියාවට පුහුණු ශ්‍රමිකයන් අහිමිවීමේ අවධානමක් උද්ගතවනු ඇති බවට සංක්‍රමණ අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් අනතුරු අගවනවා.

විශේෂයෙන් ඔස්ටේ්‍රලියාවට ඒමට සූදානමින් සිටි පුහුණු ශ්‍රමිකයන් අතිවිශාල පිරිසක් කැනඩාව වැනි රටවලට ඇදී යාමේ ප්‍රවණතාවයක් දක්නට ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ලක්ෂ 10 කට ආසන්න වීසා අයදුම්පත් සංඛ්‍යාවක් සළකා බැලීමට ඉතිරිව පවතින අතර එම අයදුම්පත් යොමුකල පිරිස් දැඩි අපේක්ෂා භංගත්වයට පත්ව වෙනත් රටවල් කරා යොමුවෙමින් පවතින බව සංක්‍රමණ අමාත්‍යවරයා සඳහන් කරනවා.

සංක්‍රමණ අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් විසින් මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකරනු ලබන්නේ දැනට වාර්ෂිකව ඔස්ටේ්‍රලියාව විසින් භාරගනු ලබන 160,000 කට ආසන්න පුහුණු ශ්‍රමිකයන් සංඛ්‍යාව 40,000 කින් ඉහළ දැමීමට ලේබර් රජය සූදානම් වන බවට වාර්තා පළවී ඇති පසුබිමකදී වීමද විශේෂත්වයක්.

දැනට වසරකට පිළිගැනෙන සරණාගතයන් සංඛ්‍යාව 13,750 සිට 27,000 දක්වා ඉහළ දැමීමටද ලේබර් රජය සූදානම් නමුත් කුමන කාලයකදී එය ක්‍රියාත්මක කරන්නේද යන්න මෙතෙක් තීරණය කර නැතැයි සංක්‍රමණ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කලා.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »